රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය තුල සේවය කරන 150,000 කට අධික සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු වලට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ප්‍රමුඛ මැදිහත්වීමක් කරමින් සිටී. එමෙන්ම සංවර්ධන නිලධාරී සේවාව නියෝජනය කරන සියළු වෘත්තීය සමිති (ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිතිය හැර) ඒකාබද්ධව කටයුතු කරන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සන්ධානය ලෙස ඒකාබද්ධව සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් වඩා පුළුල් මැදිහත්වීමක් කරමින් සිටී. උතුරු දකුණු භේදයකින් තොරව සියළු දෙනා අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා.් මෙම සේවාව තුල 1999 වර්ෂයේ සිට විවිධ තනතුරු නාම යටතේ බඳවා ගත් උපාධිධාරීන් මෙන්ම 2012 වර්ෂයේදී ඇති කරන ලද සංවර්ධන නිලධාරී සේවාවට බඳවා ගත් හා අන්තර්ග්‍රහණය වූ නිලධාරීන් ඇතුලත්.
වර්ථමාන ආණ්ඩුවට විතරක් නොවෙයි ඕනෑම ආණ්ඩුවකට මුහුණ දෙන්න වෙන යථාර්ථයක් තියෙනවා. ආණ්ඩුවකට සිද්ධ වෙනවා සමස්තයක් ලෙස රටේම ප්‍රශ්ණ ගැන කල්පනා කරන්න. සමස්ත රටේම ගැටළුවලට විසඳුම් හොයන්න. සමස්ත ජනතාවට බලපාන පොදු ප්‍රශ්ණ, ඒ ඒ ජනකොටස්වලට බලපාන සුවිශේෂී ප්‍රශ්ණ, එක් එක් වෘත්තිකයන්ට, ගොවියන්ට, කාන්තාවන්ට, තරුණයන්ට, රැකියා විරහිතයන්ට, දරුවන්ට යනාදි වශයෙන් එකි නොකී මෙකී ගැටළු රාශියකට උත්තර දෙන්න වෙලා තියෙනවා. එහෙම කියලා ආණ්ඩුව කවදාක හරි අපේ ප්‍රශ්ණවලට උත්තර දෙනකන් බලන් ඉන්න අපිට පුළුවන් කමක් නෑ. දහසක් ප්‍රශ්ණ තිබුනට ආණ්ඩුවක් කියන්නේ එකක් වුනාට ඒක ඇතුලේ විශාල යාන්ත්‍රණයක් තියෙවා. ජනාධිපති විධායකයේ ප්‍රධානියා. එතුමට තියෙනවා කැබිනට් මණ්ඩලයක් සමඟ ලක්‍ෂ ගණනක රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත විධායක යාන්ත්‍රණයක්. ඒ වගේම මංත්‍රීධූර 159 කින් සමන්විත ඉතාමත් ප්‍රබල පාර්ලීමේන්තුවක්. මේ සමස්ත යාන්ත්‍රණයම තියෙන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්ණවලට උත්තර සපයන්න.
ඒ නිසා සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු සමඟ සෙල්ලම් කරන්න, සූදු කෙලින්න කිසිදු පාර්ශවයකට ඉඩදෙන්න පුළුවන් කමක් නෑ. නොසලකා හැරීම්, මදිපුංචිකම්, අසාධාරණකම්, දුක්මහන්සියෙන් ලබා ගත් දැනුම, උපාධිය අසීමාන්තිකව හෑල්ලු කිරීම්, අසීමාන්තික පීඩනයන් දරාගෙන නිවටයෝ වගේ, නිකමෝ වගේ, නෝන්ජල්කමට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන බලන් ඉන්න අපි කාටවත් අයිතියක් නෑ.
ආදරණීය සංවර්ධන නිලධාරී සොයුරු සොයුරියනි,
අපි ඉදිරිපිට විශාල අභියෝගයක් තියෙනවා. අපි පළමුව මේ ඇත්ත යථාර්තය, මේ තිත්ත ඇත්ත තේරුම් ගත යුතුව තිබෙනවා. තවදුරටත් අපිට කල්මරන්න කාලයක් නෑ. සාධාරණ වැටුප් තලයක්, උසස්වීමේ ක්‍රමවේදයක්, ඵලදායක රාජකාරි පසුබිමක් ඉල්ලන අපේ සටනට පණ පොවන්න දැන් අපි සූදානම් වෙන්න ඕන. මේ සංවර්ධන නිලධාරියාට පමනක් අදාල ගැටළුවක් නෙමෙයි. මේ රටේ නිදහස් අධ්‍යාපනය සම්බන්ද ගැටළුවක්, මේක දේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ද ගැටළුවක්. උපාධිධාරී අධ්‍යාපනය පිළිබඳ ගැටළුවක්. මේක රටේ සංවර්ධනය පිළිබඳ ගැටළුවක්. මේක රටේ රාජ්‍ය සේවයේ ඵලදායිතාවයට සම්බන්ද ගැටළුවක්. රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය පිළිබඳ ගැටළුවක්. සමස්තයක් ලෙස ගත්තම මේක ඔබට නිදහස් අධ්‍යාපනය තුලින් උපාධිය දක්වා ඉගෙන ගන්න වියදම් කරපු බදුගෙවන ජනතාවට වගකීම් හා යුතුකම් ඉටුකිරීම පිළිබඳ ගැටළුවක්, මේක වර්ථමානයේ ඔබට වැටුප් ගෙවීම සඳහා බදුගෙවන ජනතාව වෙනුවෙන් තමන්ගේ වගකීම් හා යුතුකම් ඉටු කිරීම පිළිබඳ ගැටළුවක්. මේක අනාගත පරපුර වෙනුවෙන් අපි විසින් ඉටුකල යුතු වගකීම් හා යුතුකම් පිළිබද ගැටළුවක්.
ඒ නිසා ඔබට මට තවදුරටත් එක එක්කෙනාගේ බොරු බේගල්වලට හසුවෙවී, එක එක්කෙනාගේ සුරංගනා කථාවලට හසු නොවී රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමන්ගේ වගකීම් හා යුතුකම් ඉටුකරන්න තියෙන කාලය නාස්ති කර කර කර ඉන්න කාලයක් නෑ. සංවර්ධන නිලධාරී සේවාව තුල තිබෙන වෘත්තීය ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් අළුත් සටනක් අරඹමු. අළුතින්ම පටන් ගමු. ඒ වෙනුවෙන් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සන්ධානය සමඟ අත්වැල් බැඳ ගනිමු. ඒ සඳහා ශක්තිමත්ව පෙළ ගැසෙමු. ඔබට ජයවේවා!
නීතීඥ අනුරාධ සෙනවිරත්න
සභාපති
සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය
2025-04-13